
2025 අයවැය යෝජනා
* නව රේගු පනතක්.
* ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කෙරේ.
* උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් ජාතික තිරුබදු ප්‍රතිපත්තියක්.
* රජය සතු ඉඩම් ඵලදායී ආර්ථික කටයුතු සඳහා බදු දීමට නියමිතයි.
* ආර්ථික පරිවර්තන පනත සංශෝධනයට.
* ද්විත්ව බදුකරනය වැළැක්වීමේ ගිවිසුම පුළුල් කෙරේ.
* භාණ්ඩ හා සේවා අපනයන සේවා වැඩිකිරීමට 2025 – 2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්.
* 2025 වසරේ භාණ්ඩ හා සේවා අපනයනය ඩොලර් බිලියන 19කට ආසන්න ප්‍රමාණයක් අපේක්ෂා කෙරේ.
* සෞඛ්‍ය, අධ්‍යාපන සේවයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්.
* අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට, ගුණාත්මකව අඛණ්ඩව සැපයීමේ ක්‍රමවේදයක්.
* නිෂ්පාදන ප්රතිලාභ සාධාරණව බෙදී යා යුතුයි.
* කර්මාන්ත, සේවා, කෘෂි නිෂ්පාදනයේ වර්ඡනයක් සිදුවිය යුතුයි. ඒ සඳහා ජනතා සහභාගීත්වයක් අවශ්‍යයි.
* දුෂණය, නාස්තිය අවම කරමින් සාමුහික විනයෙන් නව ගමනක් කරා යන ක්‍රමවේදයක් සකසනවා.
* ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම අයවැයේ දර්ශනයයි.
* මූල්‍ය විනය සහ ආර්ථික දැක්මක් සහිතව ඉදිරිපත් කළ අයවැයක්.
* දේශීය ව්‍යවසායකයා සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගන්වන අයවැයක්.
*ආර්ථිකයේ සියලු ප්රතිලාභ ආර්ථික ක්‍රියාවලියට දායක කරගන්නවා.
* සීමිත බදු මුදල් ප්‍රමුඛතාවයෙන් පරිහරණය කිරීමේ ක්‍රමවේදයක් සහ ඒ හරහා සීමිත බදු මුදල් ප්‍රමුඛතාවයෙන් පරිහරණය කිරීමේ ක්‍රමවේදයක්.
*බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා.
* වරාය තදබදය දිගුකාලීන විසඳුම සඳහා අප කටයුතු කරනවා.
* වරායේ බහලුම් කළමනාකරන කාර්යක්ෂම කිරීමට රුපියල් මිලියන පන්සීයක්.
* වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගනයක්.
* සියලු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හඳුනා ගැනීමේ(ඩිජිටල් හැඳුනුම් පත) ක්‍රමවේදය ඉතා ඉක්මනින්
* කාර්මික හා සේවා අංශවල ඵලදායිතාවය වර්ධනය කිරීමට පියවර.
* ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක්.
* කොළඹ වරායේ සහ කටුනායක තොටුපල පොලී ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රුපියල් මිලියන දාහක් .
* දත්ත ආරක්ෂණය සඳහා නීති ශක්තිමත් කරනවා.
* මුදල් නෝට්ටු භාවිත කිරීමෙන් ක්‍රමයෙන් ඉවත් විය යුතුයි. ඩිජිටල් ගෙවීම් ශක්තිමත් කරන අතර ඒ සඳහා අවශ්‍ය වන නීති ක්‍රමයෙන් ශක්තිමත් කිරීමට පියවර.
* ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000ක්.
* ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්ථිකයෙන් සියයට දොළහක මට්ටමට ලඟා වීම අරමුණයි.
* වාර්ෂික තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන පහ දක්වා වැඩි කිරීමට පියවර.
* සංචාරක ක්ෂේත්රයේ සඳහා ඩිජිටල් ටිකට් පත්‍ර ක්‍රමයක් ආරම්භ කරන අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සියයක්.
* වාර්ෂික තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන පහ දක්වා වැඩි කිරීමට පියවර.
* බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ ජපන් ආධාර මත ආරම්භ කරනවා.
* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගොඩ නැගීම මූලික අරමුණක්.
* සංවර්ධන බැංකුවක් ආරම්භ කරන අතර සංවර්ධන බැංකුව දැනට පවතින රාජ්‍ය බැංකුවල ව්‍යුහය ඇරඹීමට පියවර.
* සංවර්ධන ණය යෝජනා ක්‍රම සඳහා රාජ්‍ය බැංකු එකඟතාව පළ කර තිබෙනවා.
* පර්යේෂණ හා නව සොයා ගැනීම් වාණිජකරණය සඳහා රුපියල් මිලියන දහසක්
* ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා.
* නව සොයා ගැනීම හා පර්යේෂණ වාණිජකරණය කිරීම සඳහා නමුත් පාදන හා නව නිපැයුම් අරමුදලක්
* පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වසරේදී වාහන බලපත්‍ර ලබාදීමක් නැහැ.
* අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසියට.
* මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000ක්.
* කාන්තාවන් සවිවල ගැන්වීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120ක්.
* සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604ක් වෙන් කරයි.
* වතු රෝහල් සඳහා මානව සම්පත් ඖෂධ රජයෙන්.
* ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන හත්දාහක්.
* ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක්.
* සෞඛ්‍ය සේවා සැපයීම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය.
* පෙරපාසල් ගුරුවරුන් සඳහා ජූලි මාසයේ සිට රු.1000ක වැටුප් වැඩි වීමක්.
* නැවත ඖෂධ හිඟයක් ඇතිවේවි යැයි අප බලාපොරොත්තු වන්නේ නැහැ.
* ඔටිසම් දරුවන් සඳහා වසර පහක ජාතික වැඩසටහනක්.
* ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 185ක්.
* පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන දාහක්.
*පෙර පාසල් දරුවකුගේ උදෑසන ආහාර වේලකට වැය කළ මුදල් රුපියල් සීය දක්වා ඉහළට.
* ශිෂ්‍යාධාර රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කෙරේ.
* මහපොළ ශිෂ්‍යාධාර රු.5000සිට රු.7500 දක්වා ඉහළට.
* 2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා දෙනවා.
* ක්‍රීඩා පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 500ක්.
* පළාත් පහක ක්‍රීඩා පාසල් සංවර්ධනයට.
* යාපනය පුස්තකාලයට අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් සහ අනෙකුත් ප්‍රදේශවල පුස්තකාල සංවර්ධනයට රුපියල් මිලියන 200ක්.
*සංශෝධිත විදුලි බල පනත ඉක්මනින්.
* අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා අවස්ථා.
* ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එකක් ජාත්‍යන්තරය සමඟ එක්ව සංවර්ධනය කිරීමට පියවර.
*ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගන්නවා.
* වී ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් අඛණ්ඩව. ඒ සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කෙරේ.
* වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000ක්.
* කෘෂිකාර්මික තීරණ ගැනීම සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක්.
* වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට.
* කෘෂිකර්ම අමාත්‍යංශයට දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500ක්.
* ඌණ උපයෝජිත ඉඩම් නැවත සංවර්ධනය කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 250ක්.
* කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අගය දාමය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්.
* සමූපකාර ක්‍රමවේදය දියුණු කිරීමට රුපියල් මිලියන 100ක්.
* වාරි ක්ෂේත්රය සංවර්ධනයට රුපියල් මිලියන 78,000ක්.
* පොල් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර.
* උතුරු පළාතේ නව පොල් අක්කර 16000ක්.
* ලංකා කුරුඳු සහ අනෙකුත් නිෂ්පාදන සඳහා රුපියල් මිලියන 250ක්.
* මිරිදිය ධීවර කර්මාන්තයේ දියුණුවට රුපියල් මිලියන 200ක්.
* වකුගඩු ආබාධිත පුද්ගලයන් සඳහා වන මාසික දීමනාව 7500 සිට 10,000ක් දක්වා වැඩි කෙරේ.
* වැඩිහිටි දීමනාව රුපියල් 3000හේ සිට 5000 දක්වා ඉහළට.
* රැඳවුුම් නිවාස සහ අනාථ නිවාස වල දරුවන්ට රුපියල් 5000ක මාසික දීමනාවක්.
* අනාථ දරුවන් සඳහා සමාජ ආරක්ෂණය ඉහළ නංවනවා.
* පරිවාස බාරයෙන් සිටින දරුවන්ගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන පන්සියයක්.
* ආපදාවන් සඳහා වන්දි මුදල රුපියල් මිලියනයක්.
* ආපදා වලින් හානි වූ දේපොළ සඳහා රුපියල් ලක්ෂ විසිපහක වන්දියක්
* පුනරුත්ථාපනය වූ අයට රැකියා ලබාදීමේ පහසු ක්‍රමවේද සකස් කෙරේ.
* ආබාධිත පුද්ගලයන් සඳහා පුළුල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක්
* අවතැන් දරුවන් සඳහා ස්ථාවර හා ආරක්ෂිත නිවසක් ඉදිකිරීමට රුපියල් මිලියනයක්
* උත්සව සමයේ ආහාර පැකේජයක් සඳහා රුපියල් මිලියන දාහක්.
* විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණීමේ දී ගුවන්තොටුපළ තීරු බදු නිදහස් සීමාව ඉහළට
* ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වැඩි පොලියක් ලබාදීම සඳහා රුපියල් මිලියන 15,000ක්.
* වරදකරුවන් වූ සිරකරුවන් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහනක්
* පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන අතර නවීන සුව පහසු බස් රථ සමූහයක් නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා.
* කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සඳහා පළමුවෙන් බස් රථ සීයක් යොදවන අතර එම කාර්ය සඳහා රුපියල් මිලියන 3000ක්.
* ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඊට අදාල පහසුකම් සැපයීම සඳහා නියාමන රාමුවට අදාළ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත විදුලිබල පනත සංශෝධනය කිරීමට පියවර.
* සුලං බලයෙන් විදුලිය ලබා ගැනීම සඳහා බලශක්ති ආයෝජන සඳහා ඉඩ ප්රස්ථා ලබා දීමට පියවර.
* නව බස් රථ නව බස් සමාගමක් යටතේ ස්ථාපිත කෙරේ.
* දුම්රිය ප්‍රවාහනය නවීකරණයට සහ දුම්රිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500ක්.
* ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කාලයක් තිස්සේ පවතින ණය පියවීම සඳහා වැඩසටහනක්.
* ශ්‍රී ලංකන් සමාගමේ ණය සහ පොළිය ගෙවීමට රුපියල් මිලියන 2,0000ක්.
* දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර තිබෙන මුදලට අමතරව රුපියල් මිලියන 3000ක්
* උතුරේ පාලම් මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 5000ක්.
* විමධ්‍යගත අයවැය වැඩ සටහන සඳහා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයක්.
* නැගෙනහිර පළාත ආර්ථිකය සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඊට ඉන්දීය රජයේ සහාය ලබා ගන්නවා.
* අස්වැසුමට රුපියල් බිලියන 232.5ක්.
* සියලු ජනතාවට එක්ව සතුටු විය හැකි සංස්කෘතික උළෙලක්.
* ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට රුපියල් මිලියන 5000ක්.
* අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා රුපියල් මිලියන 300ක්.
* අලි මිනිස් ගැටුමේ වන්දි සඳහා රුපියල් මිලියන 250ක්.
* ජාතික ශ්‍රී ලංකන් දින සැමරුම් උත්සවය සඳහා රුපියල් මිලියන 300ක්.එය සියලු සංස්කෘතිකාංග එක් වූ උත්සවයක් ලෙස සමරනු ලබයි.
* නඩත්තු නොමැති නිසා මහල් නිවාස වල අත්‍යවශ්‍ය නඩත්තු සඳහා රුපියල් මිලියන දාහක්.
* කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකෙරේ.
* කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා ඒකක 108ක්.
* දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ.
* රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් බඳවාගැනේ. ඒ සඳහා රුපියල් මිලියන 10,000ක්.
* රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා ඉහළට
* මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක්
* පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට 27,000ක් දක්වාත්, ලබන ජනවාරියේ සිට 30,000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා.
* රුපියල් 250ක වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළට.
* වතුකම්කරුවන්ගේ යෝජිත රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීම සහතික කරයි.
* 2020 ජනවාරි 1 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කෙරේ.
* රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කරයි.
* බදු පරිපාලනය විනිවිදභාව වැඩි කිරීම සඳහා බදු පද්ධතිය ඩිජිටල්කරණයට.
* රාජ්‍ය ආදායම උත්පාදනය කරන ආයතන ඩිජිටල්කරණයට.
* බදු එකතු කිරීම සම්බන්ධ නියාමන සහ නීතිමය රාමු ශක්තිමත් කරයි.
* බදු ගෙවන ජනතාවගේ හැම රුපියලක්ම සඳහා අප සාධාරණය ඉටු කරනවා.