
2025 චීනයේ ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහතිකයක්
ලෝක ආර්ථික දැක්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යාවත්කාලීන කරන ලද නවතම වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම වාර්තාවට අනුව 2025 සහ 2026 වසරවල ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව සුළු අගයකින් ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඔවුන් අපේක්ෂා පළ කර ඇත්තේ, 2025 සහ 2026 වසරේදී ලෝක ආර්ථිකය පිළිවෙලින් 3% කින් සහ 3.1% කින් වර්ධනය වනු ඇති බවටයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරේ දී චීනයේ ආර්ථික වර්ධන වේගය 0.8% කින් එනම් 4.8% දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ දී චීන ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ ගොස් ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවෙන් දැක්වෙන්නේ.
ඇමරිකානු වෙළඳ ප්‍රතිපත්තිය වැනි සාධක හේතුවෙන්, වත්මන් ප්‍රධාන ගෝලීය ආර්ථිකයන් අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන බවත්, ලෝක ආර්ථිකය සාපේක්ෂව දුර්වල තත්ත්වයක පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.