
2025 මාස 9 ට විදේශ ආයෝජන ඩොලර් මිලියන 827 ක් ලැබිලා
මේ වසරේ පළමු මාස නවය තුළ විදේශ ප්‍රාග්ධන ගලා ඒම සමඟ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 827 ක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය පවසන්නේ එය පසුගිය වසර හා සසඳන විට සියයට 138 ක ඉහළයාමක් බවයි.
මෙම ආයෝජන ගලා ඒම මූලාශ්‍ර 4 කින් සිදුවන බවත් ,ඉන් ඩොලර් මිලියන 133 ක් කොටස් ප්‍රාග්ධනය ලෙසත්, නැවත් ආයෝජනය කරන ලද රඳවාගත් ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 132 ක්, ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශ ණය ගැනීම් – ඇමරිකානු ඩොලර් මිලියන 231 ක් ,ආයෝජන සඳහා දිගුකාලීන විදේශ සේවා වානිජ ණය ඇමරිකානු ඩොලර් මිලියන 331 ක් ඒ අතර වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දෙනවා.
මෙම සෘජු විදේශ ආයෝජන ලැබීම් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල සමඟ 2025 වසරේ දී අත්සන් කරන ලද ව්‍යපෘති ගිවිසුම් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 124 ක් ලෙස සාක්ෂාත් කරගත් බව එම මණ්ඩලය තවදුරටත් පවසනවා.
පවතින ව්‍යාපෘති විසින් නැවත ආයෝජනය කිරීම සහ පුළුල් කිරීම තුලින් ඉතිරිය උත්පාදනය කරගත් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
මීට අමතරව ආයෝජන මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු මාස 9 තුල ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති 163 කින් ඩොලර් මිලියන 326 ක ආයෝජනයක් ද සිදුකර ඇති බවයි.
මෙම කාලපරිච්ඡේදය තුල සෘජු විදේශ ආයෝජන ගලා ඒම සඳහා විශාලතම දායකයා වූයේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගම බව ආයෝජන මණ්ඩලය පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ එය අති නවීන යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 229 ක ආයෝජනයක් සිදුකළ බවයි.
මෙම ව්‍යාපෘති ඉදිකිරීම් අවසන් වූ පසු, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්ත , දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් කරමින්, වරායේ ධාරිතාව අඩි විස්සක සමාන ඒකක (TEU) මිලියන 3.2 කින් පුළුල් කරනු ඇති බව සඳහන්.
ශ්‍රි ලංකායේ තරඟකාරී ටයර් නිශ්පාදන කර්මාන්ත තවදුරටත් ස්ථාපිත කරමින් අපනයන වෙළෙඳපොළ සඳහා අධිවේගී මාර්ගයෙන් පිටත (OHT) ටයර් නිෂ්පාදන කිරීම සඳහා ඇ.ඩො.මිලියන 111 ක දායකත්වයක් ලබා දී තිබෙනවා.
2025 ජනවාරි සහ සැප්තැම්බර් අතර, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ නව ව්‍යාපෘති 48ක්, දැනට පවතින ව්‍යාපෘති පුළුල් කිරීම් 49 ක් සහ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය යටතේ අනුමැති ලත් ව්‍යාපෘති 7 කින් සමන්විත සමස්ත ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 1,060 ක් සහිත ව්‍යාපෘති 104 ක් සඳහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැති ලබා දී තිබෙනවා.
මෙයින්, ඇ.ඩො. මිලියන 540 ක විදේශීය ප්‍රාග්ධනය නියෝජනය කරන අතර ඇ.ඩො. මිලියන 520 දේශීය ප්‍රාග්ධනය වනවා.