2025 වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවරදී

2025 වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවරදී

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහභාගී වන මෙම වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී අද (22) පැවැත්වුණා

මධ්‍යම පළාත් කාර්යාලය හා අලෙවිකරණ අංශය එක්ව මෙම රැකියා පොළ වැඩසටහන සංවිධානය කල අතර තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමටත්, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන පුහුණු පාඨමාලාවන් හැදෑරීමට අදාළ ආයතනවල මගපෙන්වීමට ද අවස්ථාව මෙහිදී හිමි වුණා

රජයේ පිළිගත් , NAITA, VTA, හෝටල් පාසල වැනි ආයතන වල  සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන විදේශ රැකියා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් පවතින රැකියාවලට අදාළ වෘත්තිය පුහුණු සඳහා බඳවාගැනීම් ද සිදු කෙරුණා.

එහිදී විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ විදේශ ශ්‍රමිකයින් නැවත මව්‍ රටට පැමිණි පසු ද ඔවුන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවයි

පැවැති ආණ්ඩු සමයේ ක්‍රියාකලාපයන් හේතුවෙන් බොහෝ අක්‍රමිකතා මෙම ක්ෂෙත්‍රය තුළ අදටත් පැන නැගින බවට විවේචන එල්ල වන බව ද මින් ඉදිරියට රැකියා අවස්ථා තේරීම් පටිපාටිය  විනිවිදභාවයකින් සිදු කිරීමට කටයුතු කරන බවද එහිදී ඔහු ප්‍රකාශ කළා

Share This