
2025 වසර ආරම්භයේම චීනයේ චිත්‍රපට ආදායම යුවාන් බිලියන 20 ඉක්මවයි
2025 වසරේ චීන බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව) යුවාන් බිලියන 20 ඉක්මවා ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙනවා.
ඊයේ(16) රාත්‍රි 9: 14 වන විට එම ආදායම වාර්තා වී ඇති අතර ඒ සමඟම 2025 වසර චීන චිත්‍රපට ඉතිහාසයේ වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායමෙන් යුවාන් බිලියන 20 ඉක්මවා ගිය වේගවත්ම වසර ලෙස සනිටුහන් වනවා.
මේ වන විට චීනයේ ඉහළම වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායම හිමි කර ගෙන ඇත්තේ “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටයයි.
වසර පහක් පුරා සූදානම් වී එළි දැක්වූ “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ දා සිට අඛණ්ඩව වාර්තාගත බොක්ස් ඔෆිස් ආදායම් ලැබීමට සමත් ව තිබීම විශේෂත්වයක්.
ඉකුත් පෙබරවාරි 6 වන දින, එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය බවට පත් වූ අතර අනතුරුව පෙබරවාරි 13 වන දින එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ආදායම බිලියන 10 ඉක්මවූ පළමු අවස්ථාව මෙන්ම චීන සිනමාවේ නව සන්ධිස්ථානයක් ද සනිටුහන් කළා.
පසුව පෙබරවාරි 15 වන දින ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 11 වන ස්ථානයට ද එම චිත්‍රපටය පත් වූ බවයි වාර්තා වන්නේ.
විශිෂ්ට චිත්‍රපට සඳහා ප්‍රේක්ෂකයින්ගේ පිළිගැනීම බොක්ස් ඔෆිස් ආදායම ක්‍රමයෙන් ඉහළ යාමට හේතු වී ඇති අතර චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය වර්තමානයේ දී අති නවීන තාක්ෂණික ප්‍රයෝග හරහා ජනතාව වෙත ඉදිරිපත් කිරීමෙන් එහි නව ජීවයක් පෙන්නුම් කරන බව සිනමා විශේෂඥයින්ගේ විශ්වාසයයි.