
2025 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධන ඉලක්කයෙන් ලොවට නව අවස්ථා
2025 චීන රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය කාරක වාර්තාව රටේ ඉහළම රාජ්‍ය බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ අධීක්ෂණයට හා සාකච්ඡාවට ලක් වන අතර එම වාර්තාව මේවන විට ලොව පුරා අවධානයට ලක්ව තිබෙනවා.
ඒ අතරින්, චීනය 2025 වසරේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධන ඉලක්කය 5% ක් පමණ ලෙස සකස් කිරීම විශේෂත්වයක්
අඛණ්ඩව සංකීර්ණ වෙමින් පවතින බාහිර ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙන අතර, එම 5% ක ඉලක්කයක් කරා යොමු වීම චීන ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසයේ මෙන්ම ශක්තියේ මනා පිළිබිඹු කෙරෙනවා
එම 5%ක ඉලක්කය සඳහා, 2025 වසරේ චීන රජයේ ප්‍රධාන කාර්යයන් 10ක් අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.
පරිභෝජනය ප්‍රබල ලෙස ඉහළ නංවමින් ආයෝජන ප්‍රතිලාභ වැඩිදියුණු කරමින් දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම පුළුල් කිරීම එම කාර්යයන් අතරින් ප්‍රමුඛත්වයක්
ඊට අමතරව, මෙම වසරේ චීනය කෘත්‍රිම බුද්ධිය සංවර්ධනයට විශාල අවධානයක් යොමු කරනු ඇති බවත් සඳහන්
විශාල AI මාදිලියේ පුළුල් භාවිතය, බුද්ධිමත් ජාලගත නව බලශක්ති මෝටර් රථ සංවර්ධනය, AI ජංගම දුරකථන හා පරිගණක, බුද්ධිමත් රොබෝ සංවර්ධනය යනාදියට චීනය තවදුරටත් සහාය ලබා දෙනු ලබනවා
චීනයට 2025 වසර වැදගත් වන්නේ, මෙම වසර චීනය “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” අවසාන වසර වීම හේතුවෙන් “15 වැනි පස් අවුරුදු සැලැස්ම” සඳහා සූදානම් විය යුතු වසර වනවා.
දැඩි අභියෝගයන්ට මුහුණ දෙමින්, චීනය මෙම වසරේ 5% ක ඉලක්කය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර එම 5%ක පමණ ඉලක්කය ලොවට නව අවස්ථා වැඩි වශයෙන් ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා