2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි
වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී චීන මුදල් අමාත්‍යංශයේ උප අමාත්‍ය Liao Min මහතා විසින් 2024 වසරේ මුදල් හා මූල්‍ය ක්‍රියාකාරීත්ව තත්ත්වය පිළිබඳව විස්තර කර, වසර 2025 වසර සඳහා වන මුදල් ප්‍රතිපත්තිය ද පැහැදිලි කර ඇති බව සඳහන්.
2024 වසරේදී රටේ මුදල් හා මූල්‍ය ක්‍රියාකාරිත්වය ස්ථාවර වූ අතර අයවැය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය යහපත් වූ බවත් රටේ ආර්ථිකයේ හා සමාජයේ ස්ථාවර සහ විධිමත් සංවර්ධනයට එය ශක්තිමත් අනුබලයක් වී ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම 2025 වසරේදී මුදල් අමාත්‍යංශය මධ්‍යම ආර්ථික රැස්වීමේ සැකසීමට අනුව වඩාත් සක්‍රිය මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවත් ප්‍රතිපත්ති මාලාව වඩාත් මනා ලෙස ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව ශක්තිය යොදා ගනු ඇති බවයි Liao Min මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.