2025 විනාශ කළ ලොකුම හොර සිගරැට් තොගය

2025 විනාශ කළ ලොකුම හොර සිගරැට් තොගය

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් විසිහත්කෝටි හතළිස් ලක්ෂ දහ අටදහස් දෙසීයක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබුවා.

කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් 2025 මැයි මස 25 වන දින සිට 2025 ජූලි 20 දින දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ විදේශීය දුම්වැටි 1,826,788 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසුවේ.

මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම රු.205,668,674 ක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කරනවා.

 

Share This