
2028 ඔලිම්පික් උළෙලට T20 ක්රිකට් තරග
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්රිකට් ක්රීඩාව ඇතුලත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එය ජූලි 12 වන දින ආරම්භ වන අතර පදක්කම් තරඟ ජූලි 20 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිත බවයි ඔලිම්පික් ආරංචි මාර්ග පැවසුවේ.
සියලුම තරඟ ලොස් ඇන්ජලීස් සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි පොමෝනා නගරයේ ෆෙයාර්ග්රවුන්ඩ්ස් ක්රීඩාංගනයේදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
පිරිමි සහ කාන්තා අංශවලින් කණ්ඩායම් හයක් බැගින් සහ මුළු ක්රීඩකයින් 180 දෙනෙකු T20 ආකෘතියෙන් තරඟ වදිනු ඇතැයි ක්රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසනවා.
තරඟය සඳහා සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ හැකියි.
තරඟ දේශීය වේලාවෙන් පෙ.ව. 9.00 සහ ප.ව. 6.30 ට ආරම්භ වන අතර පදක්කම් තරඟ සඳහා ද වේලාවන් එසේම වන බව සදහන්.