2030 පාපන්දු ලෝක කුසලානයට රටවල් 64ක්

2030 පාපන්දු ලෝක කුසලානයට රටවල් 64ක්

2030 පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 64 දක්වා වැඩි කිරීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ 1930 වර්ෂයේදී උරුගුවේ සත්කාරකත්වයෙන් පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පවත්වා 2030 වර්ෂයේදී එයට වසර 100 ක් සපිරීම නිමිති කරගෙනයි.

2030 පාපන්දු ලෝක කුසලානය මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර තරග තුනක් ආජන්ටිනාව,පැරගුවේ සහ උරුගුවේ යන රටවල ද පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

එමෙන් ම ලබන වසරේ(2026) පාපන්දු ලෝක කුසලානය අමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වෙන අතර මේ වනවිටත් එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් ගණන 32 සිට 48 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.

2026 ලෝක කුසලානයේදී තරග 104ක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 2030 ලෝක කුසලානයේදී අවම වශයෙන් එය තරග 128 දක්වා ඉහළ යනු ඇති බවට ලෝක පාපන්දු සම්මේලනය තවදුරටත් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

Share This