කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින් අද(03) උදෑසන සියක් නමක් පිණ්ඩපාත චාරිකාවක් ආරම්භ කළා.

එම පිණ්ඩපාත චාරිකාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වැඩම කළ අවස්ථාවේ මහා සංඝරත්නය වෙත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පිරිකර පූජා කිරීමට එක් වුණා.

දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති පිරිවෙන් සහ දහම්පාසල් හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ගේ සුබ සාධන කටයුතු සදහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් මහනුවර බෞද්ධ හා සුබ සාධක සංගම් එකමුතුව විසින් වාර්ෂිකව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කරනු ලබනවා.

මෙවර පිණ්ඩපාත චාරිකාවේ නිරත සියක් නමක් මහා සංඝරත්නය වෙත කොළඹ කොටුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක කාර්ය මණ්ඩලය මග දෙපස සිට පිරිකර පූජා කිරීමට එක්ව සිටියා.

Share This