21 නුගේගොඩට මහින්දත් එයි

21 නුගේගොඩට මහින්දත් එයි

එළඹෙන 21 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා ජන හමුවට තමා සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (18) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තනේ විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වුණා.

ආගමික වැඩසටහනින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එළඹෙන 21 වැනිදා නුගේගොඩ රැළියට තමන් සහභාගී වන බවයි.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

Share This