21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන්

21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන්

හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන් වී ඇති බව තරුණයාගේ පියා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන ආර්. මහමුද් පසුගිය දෙසැම්බර් 13 වන දින සිට අතුරුදන්ව ඇති බවයි පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

වෙළෙඳාම් කටයුතු සඳහා උපකාර කිරීමට යන බව පවසා අදාළ තරුණයා නිවසින් පිටව ගොස් තිබෙනවා.

පියා විසින් මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දින පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කළ බව සඳහන්.

පුතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදුකරන විමර්ශනවලට අමතරව තමන් ද සිය දරුවා සොයා ඥාති නිවාසවලට ගිය බවත්, තම දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පියා කියා සිටියා.

එම තරුණයා පිළිබඳව තොරතුරක් ඇත්නම් හැටන් පොලිසියේ 071 859 1117, 0512222222 හෝ 0512222520 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි හැටන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This