නිවන් පුර වැඩමකළ මීගොඩ මංගල නාහිමි

නිවන් පුර වැඩමකළ මීගොඩ මංගල නාහිමි

හෝමාගම මීගොඩ සුමනාරාම පුරාණ විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ සියනෑ හේවාගම් හාපිටිගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන ගුණානන්ද පූජ්‍යතර මීගොඩ මංගල නාහිමිපාණන් වහන්සේ පසුගියදා අපවත්වුණා.

උන්වහන්සේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ පෙතියාගොඩ විහාර පරපුරේ ජ්‍යෙෂ්ඨ සංඝ පීතෘන් වහන්සේනමක් වෙනවා.

මීගොඩ සුමනාරාම පුරාණ විහාරාධිකාරී, කැලණිය මානෙල් වත්ත නාගාන්නද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති සම්බන්ධීකාරක සහ බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය පූජ්‍යපාද සූරියවැව සුමේධ ස්ථවිරපාදයන් වහන්සේගේ ගුරුදේවෝත්තමයන් වහන්සේද වන්නේ උන් වහන්සේයි.

මීගොඩ මංගල නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය, ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි වැඩම කළ මල්වතු විහාර පාර්ශ්වීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහ මැති ඇමතිවරුන් ප්‍රමුඛ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මීගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී සිදුකෙරුණා.

  

Share This