නව ත්‍රස්ත විරෝධී පනත ගැන විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත, අධිකරණ ඇමතිට බාරදෙයි

නව ත්‍රස්ත විරෝධී පනත ගැන විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත, අධිකරණ ඇමතිට බාරදෙයි

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කෙරුණා.

කමිටුවේ සභාපති බවට පත් කෙරුණේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතායි.

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුව පසුගියදා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත ඉක්මණින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට භාරදීමට කටයුතු කරන පැවසුවා.

නව කෙටුම්පතෙහි තවදුරටත් පවතින ගැටලුකාරී තැන් හඳුනා ගනිමින් පනත් කෙටුම්පත අධ්‍යයනය කරන බවයි එහිදී අදහස් පළවුණේ.

ඒ අනුවයි අද නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සදහා පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත, කමිටු සභාපති ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට භාරදී තිබෙන්නේ.

Share This