25දෙනෙකුට වැඩි සංචාරක කණ්ඩායම් වැනීසියේ තහනම්

25දෙනෙකුට වැඩි සංචාරක කණ්ඩායම් වැනීසියේ තහනම්

සංචාරක කණ්ඩායමක ප්‍රමාණය 25 දෙනෙකුට සීමා කිරීමේ නව නීතියක් වැනීසියේ බලාත්මක වී තිබෙනවා.

එමෙන්ම නගරය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමද තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතාලි නගරයට අධික සංචාරක ව්‍යාපාරයේ බලපෑම සීමා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.

වැනීසිය 2024 වසරේ පළමු කාර්තුවේදී යුරෝපයේ වැඩිපුරම සංචාරය කරන ස්ථානය ලෙස ශ්‍රේණිගත වී තිබුණා.

2021 මගී නෞකා මුලින් තහනම් කිරීමෙන් පසු වැනීසිය මේ වසර මුලදී නගරයට දෛනික ඇතුල්වීමේ ගාස්තුවක් හඳුන්වා දුන්නා.

ඒ දෛනික ගාස්තුව යුරෝ 5ක් ලෙස හඳුන්වා දෙමින්. එය ශ්‍රී ලංකා රුපියල් 1632ක් ලෙස දැක්වෙනවා.

වැනීසියේ 250,000 ක පමණ ජනගහනයක් සිටින බව සඳහන්.

2019 දී ඉතාලියේ මෙම සුන්දර නගරයට සංචාරකයින් මිලියන 13 කට වඩා පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග සංචාරකයින් සංඛ්‍යාව පහත වැටි ඇති බව සඳහන්.

දේශගුණික විපර්යාසවල බලපෑම සහ සංචාරක ව්‍යාපාරයේ බලපෑම ආපසු හැරවිය නොහැකි ලෙස නගරයේ වෙනස්කම් ඇති ඇති කර ඇති බැවින් පසුගිය වසරේ යුනෙස්කෝ සංවිධානයේ නිලධාරීන් අනතුරු ඇඟවීමෙන් පසු මෙලෙස සංචාරක නීතිවල වෙනස්කම් සිදුකිරීමට ඉතාලිය තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This