293 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය දුම්රිය අනතුරේ තවමත් හඳුනා නොගත් සිරුරු රැසක්

293 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය දුම්රිය අනතුරේ තවමත් හඳුනා නොගත් සිරුරු රැසක්

ඉන්දියාවේ අවම වශයෙන් පුද්ගලයින් 293 දෙනෙකු මිය ගිය මාරාන්තික දුම්රිය අනතුරකින් මසකට පසුත් තවමත් සිරුරු 50කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය ජූනි 2 වැනිදා නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ දී මගී දුම්රියක්, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී පීලි පැනීම නිසා මෙම අනතුර සිදු වුණා

මෙම අනතුරින් පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

අනතුර සිදුවූ ස්ථානය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් බොහෝ පවුල් පවසන්නේ ඔවුන් තවමත් තම ආදරණීයයන්ගේ සිරුරු සොයමින් සිටින බවයි

අනතුරවූ දුම්රියේ ගමන් කළ තම සොහොයුරා සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් Shiv Charan නැමැති අයෙක් එම ප්‍රදේශයට පැමිණ සිටින අතර ඔහු අදහස් දක්වමින් පවසන්නේ රජයේ රෝහලක සිරුරු 52 ක් තබා ඇති අතර ඒවා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවයි .

එමෙන්ම තම සොහොයුරාගේ ඇඳුම් කිහිපයක් පමණක් හඳුනා ගැනීමට හැකි වී ඇති නමුත් DNA පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු බලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

Share This