31 දෙනෙකුට ජීවිත අහිමි කළ චීනයේ පිපිරීම සම්බන්ධයෙන් 9ක් අත්අඩංගුවට(VIDEO )

31 දෙනෙකුට ජීවිත අහිමි කළ චීනයේ පිපිරීම සම්බන්ධයෙන් 9ක් අත්අඩංගුවට(VIDEO )

අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකුට ජීවිත අහිමි කරමින් වයඹ දිග චීනයේ අවන්හලක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම අවන්හලේ සිදුවූ පිපිරීමට ගෑස් කාන්දුවක් හේතු වී ඇති බවටයි සැක පළ කර තිබෙන්නේ

ගලවා ගැනීමේ මෙහෙයුමේදී සියලු උත්සාහයන් ගෙන ජනතාව බේරා ගන්නා ලෙසත්, පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පින්ග් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට සහ ආරක්‍ෂිත පියවර ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙසද ජනාධිපති ෂී ජින්පින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අත්අඩංගුවේ පසුවන අය අතර Fuyang Barbecue අවන්හලේ හිමිකරුද සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා

මියගිය අය අතර පාසල් සිසුන් සහ විශ්‍රාමිකයින් කිහිප දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

…………………………………………………………………………

Jun 22, 2023 at 09:33

චීනයේ පිපිරීමකින් 31ක් මරුට

චීනයේ වයඹදිග Ningxia කලාපයේ Yinchuan ප්‍රදේශයේ අවන්හලක සිදුවූ විශාල ප්‍රමාණයේ ගෑස් ටැංකියක පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ

තුවාල ලැබූ හත් දෙනාගෙන් එක් අයකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර අනෙක් හයදෙනා සුළු තුවාල සහ පිළිස්සුම් සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය පවසනවා

ගිනි නිවන බලධාරීන් විසින් ගින්න නිවා දැමීම සඳහා වාහන 20 ක් සහ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් එම ස්ථානයට යවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This