
37 වන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ධුරයේ වැඩ අරභයි (VIDEO)
ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පොලිස් මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ භාරගත්තා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමෙන් පසු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ ඊට අදාළ ලිපිය භාරදුන්නා.
ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙසයි නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වුණේ.