3D තාක්ෂණයෙන් නිර්මාණය කළ නොපෙනී යන සුපිරි යාත්‍රා සංකල්පය (PHOTOS)

3D තාක්ෂණයෙන් නිර්මාණය කළ නොපෙනී යන සුපිරි යාත්‍රා සංකල්පය (PHOTOS)

ඉතාලියේ ජෝසෆ් ෆොරාකිස් විසින් 3D තාක්ෂණය භාවිතයෙන් නොපෙනී යන සුපිරි යාත්‍රා සංකල්පයක් නිර්මාණය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සුපිරි යාත්‍රාවක් නොදකින ලෙස නිර්මාණය කිරීම දුෂ්කර කාර්යයක් වුවත් ජෝසෆ් ෆොරාකිස්ගේ මෙම නව සංකල්පය නිර්මාණය කර ඇත්තේ පසුබිමෙන් නොපෙනී යන ලෙසට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැබවින්ම අදෘශ්‍යමාන ලෙස කරන ලද මීටර් 88 Pegasus යාත්‍රාව නිර්මාණකරුට අනුව, ලොව ප්‍රථම ත්‍රිමාණ මුද්‍රිත සුපිරි යාත්‍රාව වනවා.

කැඩපත් සහිත විදුරු පියාපත්වලින් සමන්විත මෙම දැවැන්ත සුපිරි යාත්‍රාව එහි වටපිටාව පිළිබිඹු කරන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.

ජෝසෆ් ෆොරාකිස් පවසන්නේ 2030 වසර වනවිට මෙම 3D සුපිරි යාත්‍රා සංකල්පය නිර්මාණය කළ හැකි බවත් ඒ සඳහා විද්‍යාව තවත් පරිණාමය විය යුතු බවත්ය.

ෆෙරාකිස් ඩිසයින්’හි සාමාජිකයන් මෙම සංකල්පය ප්‍රබන්ධයක් නොව විද්‍යාත්මක සත්‍යතාවක් බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

.

Share This