42කට මරු කැඳවූ හයිටියේ ගංවතුරෙන් දින කිහිපයකට පසු භූමිකම්පාවකින් 3ක් මරුට(VIDEO)

42කට මරු කැඳවූ හයිටියේ ගංවතුරෙන් දින කිහිපයකට පසු භූමිකම්පාවකින් 3ක් මරුට(VIDEO)

හයිටි රාජ්‍යයේ හතළිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත්කරමින් ඇතිවූ ගංවතුරෙන් දින කිහිපයකට පසු එරට ජෙරමි නගරයේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

රිච්ටර් මාපකයේ 4.9ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය අලුයම් කාලයේ සිදුවූ බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරන්නේ

හයිටි බලධාරීන් පැවසුවේ මියගිය පුද්ගලයින් තිදෙනා ඔවුන්ගේ නිවස කඩා වැටීමෙන් මිය ගොස් ඇති අතර බොහෝ පිරිසක් ද තුවාල ලබා ඇති බවයි

13,000කට වැඩි පිරිසක් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවතැන්ව සිටිනවා

එරට අගමැතිවරයා පවසා ඇත්තේ ගංවතුරට මුහුණ දීම සඳහා තම රජය අවශ්‍ය හදිසි පියවර ගන්නා බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහන විසින් අවතැන් වූවන්ට උණුසුම් ආහාර ලබාදීම ආරම්භ කර තිබෙනවා

Share This