5 කට මරු කැඳවූ ටැන්සානියාවේ ‘හඳුනා නොගත් රෝගය’ හඳුනා ගනී

5 කට මරු කැඳවූ ටැන්සානියාවේ ‘හඳුනා නොගත් රෝගය’ හඳුනා ගනී

වයඹදිග ටැන්සානියාවේ හඳුනා නොගත් රෝගාබාධයකින් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු මීට පෙර සඳහන් කළා

මේ වනවිට එම රෝගය ” Marburg hemorrhagic fever” ලෙස හඳුනාගෙන ඇති බව ටැන්සානියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා

මෙම වෛරසය සෑදුණු පුද්ගලයින්ට උණ, හිසරදය, තෙහෙට්ටුව සහ නාසයෙන් ලේ ගැලීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත්
එය ඉබෝලා ඇතුළු වෛරස් සමූහයක කොටසක් බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ටැන්සානියාවේ සෞඛ්‍ය අමාත්‍ය Ummy Mwalimu එරට රජය රෝගය පැතිරීම පාලනය කිරීමට සමත් වූ බව පවසමින් සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

රෝගීන් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින්ගේ සම්බන්ධතා 161 ක් බලධාරීන් විසින් සොයා ගෙන ඇති බවද සඳහන් වනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය ටැන්සානියාවේ රෝගය සොයාගැනීමේදී දැක්වූ වේගවත් ප්‍රතිචාරය අගය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This