55 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 03 වනදා (වීඩියෝ)
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් 55 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අභිමානවත් අයුරින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 03 වනදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීමට නියමිත 55 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයේ මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ ස්වර්ණවාහිනි සහ ශ්‍රී එෆ්.එම්. එක්වයි.
ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන අප්‍රේල් මස තුන්වැනිදා සිදු කිරිමට නියමිත 55 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් එකතු කිරීම අද (18) උදෑසන ආරම්භ කෙරුණා.
ඒ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.
මෙම කන්නයේ තමන් නෙළාගත් වී අස්වනු සහල් කර එහි අග්‍රඵලය අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජා කිරීම සඳහා දිවයින පුරා සිටින ගොවි මහතුන්හට අද සිට තම ප්‍රදේශයට ආසන්නතම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත භාරදීමට අවස්ථාව සලසා තිබෙනවා.
අදින් ආරම්භ කෙරෙන සහල් එක්රැස්කිරීම ලබන 28 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී සිදු කෙරෙනවා.
අද මෙම කටයුත්ත නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෙල්ගොඩ රණමුණේ වෙල්යායේ දී ආරම්භ කෙරුණා.
කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 06ක ගොවි මහතුන් 55 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් ලබාදීමට එක්වුණේ මෙලෙසින්.
මේ අතර, පොළොන්නරුව වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානයට ද වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 33ක ගොවිජනතාව තම නොඉඳුල් අස්වනුවල අග්‍රඵලය රැගෙන මෙලෙස පැමිණ සිටියා.
කවදත් ශ්‍රී ලාංකේය සංස්කෘතියට මුල්තැන ලබාදෙන ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමඟින් 55 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයේ මාධ්‍ය දායකත්වය ලබාදෙමින් පෙරමුණ ගන්නේ සහෝදර ශ්‍රී එෆ්.එම්. නාලිකාව ද සමඟයි.