6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටලු පිළිබඳ අගමැතිනියගේ අවධානයට
මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටලුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක් අද (22) අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂකවරිය හා එම ශාඛාවේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ සහ සනීපාරක්ෂක තුවා නිර්මාණය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4ක නියෝජිතයින්ද එක්වී ඇති බව සඳහන්.