600කට වැඩි පිරිසකට ජිවිත අහිමි කළ නයිජීරියාවේ ගංවතුර(VIDEO)

600කට වැඩි පිරිසකට ජිවිත අහිමි කළ නයිජීරියාවේ ගංවතුර(VIDEO)

නයිජීරියාවේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මිලියන 1.3 ක පමණ ජනතාවක් අවතැන් වී ඇති අතර නිවාස 200,000 කට වඩා විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර ආහාර සහ ඉන්ධන සැපයුම ද අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නයිජීරියාවේ මානුෂීය කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍ය Sadiya Umar Farouk, වඩාත් අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉවත් කරන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා තිබෙනවා

නයිජීරියාවේ ප්‍රාන්ත 36න් 27කටම මෙම ව්‍යසනය බලපා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Anambra, Delta, Rivers, Cross River සහ Bayelsa ඇතුළු රටේ දකුණේ සමහර ප්‍රාන්තවල නොවැම්බර් මස අවසානය දක්වා ගංවතුර පැවතිය හැකි බවට නයිජීරියාවේ කාලගුණ විද්‍යා ආයතනය අනතුරු අඟවා තිබෙනවා

ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සාගින්නෙන් පෙළෙන ව්‍යසනකාරී මට්ටම්වල ඉහළ අවදානමකට මුහුණ දෙන රටවල් හයක් අතර නයිජීරියාව ද සිටින බව පසුගිය මාසයේ ප්‍රකාශ කර තිබුණා

Share This