පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා 702ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා 702ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 702ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පොලිස් මුලස්ථානයේ දී අද (24) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළා.

එමෙන්ම එම සැකකරුවන්ගෙන් 202 දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 83 දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This