72 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුරට හේතුව නියමුවන්ගේ අත්වැරදීමක්

72 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුරට හේතුව නියමුවන්ගේ අත්වැරදීමක්

2023 වසරේ ජනවාරි 15 වනදා ළදරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකුට මරු කැඳවමින් නේපාලයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා.

එම අනතුර එහි නියමුවන් වැරදීමකින් විදුලිය විසන්ධි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බවට අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ නේපාල රජය විසින් පත් කරන ලද විමර්ශකයින්ගේ වාර්තාවක් උපුටා දක්වමින්.

Yeti Airlines ගුවන් යානය ජනවාරි 15 ​​වන දින කත්මණ්ඩු අගනුවර සිට සංචාරක නගරයක් වන Pokhara වෙත ගමන් කරමින් තිබූ යානාවක්.

මෙම ගුවන් අනතුර වසර 30කට පසු නේපාලයේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුර ලෙසයි සැලකෙන්නේ.

Share This