“76 වසරක සාපය සහ  අරගලය” පොත ගෝඨාභයට කියවන්න දෙයි

“76 වසරක සාපය සහ අරගලය” පොත ගෝඨාභයට කියවන්න දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නෙරපීමත්, එවකට ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ව්‍යවසනයේ මූලික හේතුන් පදනම් කරගෙන සැකසූ ” 76 වසරක සාපය සහ අරගලය” නමින් කෘතියක් එළි දැක්වීම ඊයේ සිදු වුණා.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය, ප්‍රාදේශීය සංවර්ධන අංශ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු වන දැනට ඇමරිකාවේ පදිංචි ගුණසේන කේ. හැන්නැදි මහතා මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති ඒ මහතා, එංගලන්තයේ University of Wales Swansea හී ශාස්ත්‍රවේදී උපාධියක් හිමිකරහෙන තිබෙනවා.

දැනට ඇමෙරිකාවේ පදිංචි ගුණසේන කේ. හැන්නැදි මහතා විසින් රචිත “76 වසරක සාපය සහ අරගලය” කෘතිය ඊයේ (13) පිළිගන්වනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.

එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන හා ආර්ථික ව්‍යසනයේ මූල හේතුන් සෙවීම අධ්‍යනය කර රැස් කරගත් කරුණු පෙළ ග්‍රන්ථයක් ලෙසින් මෙම කෘතියට ඇතුලත් කර තිබෙනවා.

 

 

Share This