9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උලෙළ ඇරඹේ

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උලෙළ ඇරඹේ

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උලෙළ අද (07) රාත්‍රී ආරම්භ වුණා.

සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං පළාතේ අගනුවර වන හාර්බින් හි ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන ක්‍රීඩා මධ්‍යස්ථානයේ දීයි.

ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කෙරුණේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

විචිත්‍රවත් අංග රැසකින් ඇරඹි 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු මහාද්වීපය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1270 කට වැඩි පිරිසක් මෙවර එක්ව සිටිනවා.

ස්කී ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටීම ද විශේෂත්වයක්.

මීට පෙර 2017 ශීත ඍතු ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ එම්. සජීව් ද සිල්වා සහ ෂෙහාන් මධුර මුතුගල යන ක්‍රීඩකයින් මෙන්ම හිම පුවරු උපදේශකයෙකු ලෙස සේවය කරන ධනුෂ්ක බණ්ඩාර සහ ඔහුගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන මාතොට ආරච්චිගේ පියුමි පියදර්ශනී මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබනවා.

අයිස් හොකී, ස්කේටිං, ස්කීං සහ ස්කී කඳු නැගීම වැනි සාම්ප්‍රදායික ශීත ක්‍රීඩා ද සමඟින් ඉසව් 64 ක් මෙවර තරඟාවලිය ට ඇතුළත් වන අතර, පිරිමි සහ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ඇතුළු කාණ්ඩ කිහිපයකින් තරඟ වට පැවැත්වෙනවා.

9 වන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 14 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

Share This