ගෑස් අර්බුදයෙන් තවමත් ජනතාව පීඩාවේ (වීඩියෝ)

ගෑස් අර්බුදයෙන් තවමත් ජනතාව පීඩාවේ (වීඩියෝ)

ඉන්ධන හා විදුලිය අර්බුදයට අමතරව මේ වන විට පාරිභෝගික ජනතාව ගෘහස්ථ ගෑස් අර්බුදයකට මුහුණ පා සිටිනවා.

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය සීමා කිරීම හා ලිට්‍රෝ ගෑස් සමාගමේ ඛෙදා හැරීම් ප්‍රමාද වීම් හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඊයේ (11) දිනයේ දී පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 120,000 ක් පාරිභෝගික වෙළෙඳ පොලට මුදාහල බවයි.

එහෙත් ගෘහස්ථ ගෑස් සොයා ඊයේ (11) දිනත් අද (12) උදෑසනත් ගෑස් වෙළඳසැල් අසළ රැදී සිටිනු අයුරු දක්නට ලැබුණා.

 

 

 

 

Share This