එක්සත් රාජධානියෙන්  යුක්‍රේනයට විදුලි ජනන යන්ත්‍ර 500කට වැඩි ප්‍රමාණයක්

එක්සත් රාජධානියෙන් යුක්‍රේනයට විදුලි ජනන යන්ත්‍ර 500කට වැඩි ප්‍රමාණයක්

යුක්‍රේනයට විදුලි ජනන යන්ත්‍ර 500කට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානිය විසින් සපයන බව එරට අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙනවා

විදුලි ජනන යන්ත්‍ර මගින් නිවාස සහ රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා බලශක්තිය සපයනු ඇති බවත් ,නිවාස 20,000ක් බල ගැන්වීමට ප්‍රමාණවත් ශක්තියක් ද සපයනු ඇති බවත් සඳහන්

යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky විසින් විදුලි ජනන යන්ත්‍ර සඳහා එක්සත් රාජධානිය වෙත සෘජු ඉල්ලීමක් කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කළ බවයි පැවසෙන්නේ

එමෙන්ම අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ යුක්‍රේනය  පුරා අත්විඳින විදුලි කප්පාදුව ලිහිල් කිරීමට ජනන යන්ත්‍ර උපකාරී වනු ඇති බවත් එරට ජනතාවට තම රට ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ද එය උපකාරී වනු ඇති බවත්ය

Share This