කොවිඩ් මර්දනයට අවශ්‍ය 04 වන මාත්‍රාව ගැන ෆයිසර් ආයතනය කියයි
කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන 04 වන එන්නත් මාත්‍රාවක් අවශ්‍ය විය හැකි බව ෆයිසර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Albert Bourla මහතා පවසනවා.
ඒ මහතා ප්‍රකාශ කළ බව දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , ඇතැම් ප්රභේදවල සම්ප්‍රේෂණ වේගය හා ප්‍රබලත්වය හමුවේ 03 වන මාත්‍රාවක ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවයි
එමෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදය ඉලක්ක කරගත් නව එන්නත නිපදවීම සාර්ථක අවධියක පවතින බවයි ෆයිසර් ආයතනය සඳහන් කරන්නේ.