කොංගෝ බන්ධනාගාරයක රෝගාබාධ සහ ප්‍රමාණවත් ආහාර නොමැතිවීමෙන් 6ක් ජීවිතක්ෂයට

කොංගෝ බන්ධනාගාරයක රෝගාබාධ සහ ප්‍රමාණවත් ආහාර නොමැතිවීමෙන් 6ක් ජීවිතක්ෂයට

බටහිර කොංගෝ ජනරජයේ මතාඩි මධ්‍යම බන්ධනාගාරයේ හය දෙනෙක් රෝගාබාධ සහ ප්‍රමාණවත් ආහාර නොමැති වීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

බන්ධනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසා තිබෙන්නේ  මියගිය අයගෙන් තිදෙනෙකු ක්ෂය රෝගයෙන් පෙළෙන බවයි.

ආහාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සිරකරුවන්ගේ තත්ත්වය  අයහපත් වී ඇති බවද  වාර්තා වී තිබෙනවා

බන්ධනාගාර බලධාරීන් සඳහන් කරන්නේ රජය විසින් ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් රැඳවියන්ට දිනකට එක් ආහාර වේලක් පමණක් ලබා දෙන බවයි

 

Share This