යුද ගැටුම්වලට විරෝධය පාමින් මාධ්‍ය නාලිකාවක සේවිකාවක් කළ දේ (VIDEO)
රුසියාවේ රාජ්‍ය නාලිකාවක ප්රවෘත්ති වැඩසටහනක් අතරතුරදී යුද විරෝධී ලකුණක් අතැති කාන්තාවක් ප්රවෘත්ති ඉදිරිපත් කරන්නාගේ පිටුපසින් දිව යාමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ප්රවෘත්ති ඉදිරිපත් කරන්නා පිටුපස පැහැදිලිව පෙනෙන ලෙස පුවරුවක් ඔසවා ගනිමින් කාන්තාවක් සිටි අතර ,එම පුවරුවේ “යුද්ධය එපා, යුද්ධය නවත්වන්න, ප්‍රචාර විශ්වාස නොකරන්න, ඔවුන් ඔබට මෙහි බොරු කියනවා” යනුවෙන් සටහන් කර ඇති බවයි පැවසෙන්නේ.
එම කාන්තාව එම නාලිකාවේ සංස්කාරකවරියක වන Marina Ovsyannikova ලෙසයි හඳුන්වන්නේ
මේ වනවිට නාලිකාවේ සංස්කාරකවරියක වන Ovsyannikova පොලිස් අත්අඩංගුවේ පසුවන බවද සඳහන්
රාත්‍රී ප්රවෘත්ති වැඩසටහනේ සජීවීව සිදු වූ විරෝධතාවයට පෙර, ඇය යුක්රේනයේ සිදුවීම් “අපරාධයක්” ලෙස හැඳින්වූ වීඩියෝවක් පටිගත කර තිබෙනවා
රූපවාහිනී තිරයේ සිට බොරු කීමට මම ඉඩ දීම ගැන මට ලැජ්ජයි යනුවෙන් ඇය සඳහන් කර තිබෙනවා
එමෙන්ම ඇය යුද්ධයට විරෝධය පළ කරන ලෙස රුසියානු ජනතාවගෙන් ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ
Ovsyannikova ගේ අනන්‍යතාවය දැනගත් මොහොතේ සිට ඇයගේ ක්‍රියාවට ස්තූති කරමින් යුක්රේන, රුසියානු සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ඇයගේ Facebook පිටුවට දහස් ගණනක් ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන් .