යුක්‍රේනයේ යුද බිය නොමැති සියලුම කලාපවල බෝග වගා කිරීමට සූදානමක්

යුක්‍රේනයේ යුද බිය නොමැති සියලුම කලාපවල බෝග වගා කිරීමට සූදානමක්

යුද බිය නොමැති සියලුම කලාපවල මෙම වසන්ත කාලයේදී  බෝග වගා කරන බව යුක්‍රේනයේ  ආහාර ඇමති රෝමන් ලෙෂ්චෙන්කෝ පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

ඔහු Interfax-Ukraine ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙන්නේ ඒ අනුව  මේ වසරේදී  තම රටට තමන්ගේම ආහාර සුරක්ෂිතතාව සහතික කර ගැනීමට හැකි වනු ඇති බවයි.

“අපට වපුරන්න පුළුවන්, වෙඩි තැබීමක් නොමැති තැනක  ,යුද බියක් නොමැති සෑම අවස්ථාවක් තිබෙන තැනකට ගොස් සිටුවන්නට බලාපොරොත්තු වෙමු . බටහිර යුක්‍රේනයේ පමණක් නොව, මධ්‍යම සහ දකුණු ප්‍රදේශවලද  අපි අපට හැකි සෑම තැනකම වපුරන්න සූදානම් .” යනුවෙන් යුක්‍රේනයේ  ආහාර ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එහෙත් තිරිඟු වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය සඳහා යුක්‍රේනයෙන් අපනයනය මත යැපෙන රටවල් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නගින බවද වාර්තා වනවා

ලෝක ආහාර වැඩසටහන පවසන්නේ ලෙබනනය, යේමනය, සිරියාව, ටියුනීසියාව වැනි රටවල් විශේෂයෙන් යුක්‍රේනයේ  වගා කරන ධාන්‍ය මත යැපෙන බවයි.

වරාය අවහිර කිරීම හෝ දුම්රිය යටිතල පහසුකම්වලට බෝම්බ දැමීම වැනි ක්‍රියාවන් අවදානමට ලක් කරමින් රුසියාව කරන දේවල් මත අපනයන රඳා පවතිනු ඇතැයිද ආහාර ඇමති ලෙෂ්චෙන්කෝ වැඩිදුරටත් පවසනවා

Share This