ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක (වීඩියෝ)

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක (වීඩියෝ)

දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලෑන්ඩ් අද දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අරඹනවා.

ඒ අනුව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය සිය දකුණු ආසියානු සංචාරයේ දී ශ්‍රී ලංකාව, බංග්ලදේශය සහ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දු – පැසිපික් කලාපය පුරා සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඇය සමඟ මෙම සංචාරයට එක්වන දූත පිරිසට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මෙන්ම එරට ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි ද ඇතුළත්.

Share This