ආහාර,ජලය හෝ ඖෂධ නොමැති සිවිල් වැසියන් ලක්ෂයක් පමණ මරියුපෝල් නගරයේ
මරියුපෝල් නගරයේ “කිසිවක් ඉතිරිව නොමැති” බවත්, ආහාර, ජලය හෝ ඖෂධ ලබා ගැනීමට අවස්ථාවක් නොමැතිව සිවිල් වැසියන් 100,000 ක් පමණ සිරවී සිටින බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාවට එරෙහි විරෝධතා සඳහා දහස් ගණනක් ජනතාව එක්ව සිටිනවා
මේ අතර යුක්රේනියානු සරණාගතයින් 270,000 ක් පමණ චෙක් රාජ්‍යය තුළට ඇතුළු වී ඇති අතර එරට පාර්ලිමේන්තුව විසින් සරණාගතයින්ට රැකියා සහ සෞඛ්‍ය රක්ෂණයට ප්‍රවේශ වීම පහසු කරන නීති අනුමත කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
යුක්රේනයේ මරියුපෝල් නගරයේ රුසියානු ෂෙල් ප්‍රහාරවලින් මියගිය අයට උපහාර පුද කිරීම වෙනුවෙන් චෙක් ජනරජයේ ක්‍රියාකාරීන් විසින් Prague ජාතික රඟහල පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට සාම රැලියක් පවත්වා තිබෙනවා ,
එයට සහභාගිවුවන් ඉටිපන්දම් සහිතව රුසියානු භාෂාවෙන් “ළමයින්” යන වචනය උච්චාරණය කරමින් ,බෝම්බ හෙලන ලද මරියුපෝල් රඟහලේ රූප සටහන්ද ඇතැතිව සිටි බවයි පැවසෙන්නේ
මරියුපෝල් නගරයේ රංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවමත් අපැහැදිලි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
සති ගනනාවක් තිස්සේ මරියුපෝල් නගරයට රුසියානු හමුදා විසින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වනවිට ඔවුන් වරාය නගරය සම්පූර්ණයෙන්ම වට කර ඇති බවයි පැවසෙන්නේ.