යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවේ ජීවන වියදම ඉහළට

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවේ ජීවන වියදම ඉහළට

රුසියාවේ ජීවන වියදම යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු නව දත්ත වලට අනුව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නිල සංඛ්‍යාලේඛනවලට අනුව සීනි වැනි සමහර ගෘහස්ථ ප්‍රධාන ද්‍රව්‍යවල මිල පසුගිය සතිය තුළ 14%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්

යුක්‍රේන ප්‍රහාරය දියත් කිරීමෙන් පසු රුසියානු මුදල් ඒකකයේ අගය 22%කින් පහත වැටී තිබෙනවා

රුසියාවේ ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන්නේ  මාර්තු 18 න් අවසන් වූ සතිය තුළ වාර්ෂික උද්ධමනය 14.5% කින් ඉහළ ගොස් ඇති බවයි

එය 2015 වසරේ සිට ගත් කළ වාර්තා වූ ඉහළම මට්ටම බවයි පැවසෙන්නේ

රටේ ඇතැම් ප්‍රදේශවල සීනිවල මිල 37.1% කින් ඉහළ ගොස් ඇති බවද සඳහන් වනවා

ඒ අනුව බහුලව භාවිතා වන සීනි සතියක් තුළ රජයට ලැබුණු විශාලතම ලාභය බවයි පැවසෙන්නේ

එමෙන්ම ළූණු සඳහා පැවති මිල සතියක් තුළ ඉහළ ගිය දෙවන විශාලතම ද්‍රව්‍යයි

එය රට පුරා 13.7% කින් සහ සමහර ප්‍රදේශවල 40.4% කින් ඉහළ ගොස් තිබෙනවා

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය සමග එක්ව බටහිර මූල්‍ය වෙලඳපොලවලින් රුසියානු බැංකු ගණනාවක්  සමග ගණුදෙනු කිරීම නතර කරනු ලැබුවා

යුක්‍රේනයේ  පවතින යුද්ධය හේතුවෙන් බටහිර ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් රුසියාව සමග ගණුදෙනු කිරීම නවතා දමා තිබෙනවා.

රුසියාවට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධකවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කර ඇති විදෙස් ව්‍යාපාරවල වත්කම් අත්පත් කර ගන්නා බවටද දැනුම් දී ඇති බවද සඳහන්.

ඒ අනුව  එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට සහ තවත් එක්සත් ජනපද නිලධාරීන් 12 දෙනෙකුට රුසියාව විසින් සම්බාධක පනවනු ලැබුවා

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙන්නේ  රුසියාවට හිතකාමී රටවලට ස්වභාවික ගෑස් විකිණීම ආරම්භ කරන බවයි.

 

Share This