රුසියාව රසායනික අවි භාවිතා කළහොත් සිදු විය හැකි දේ ගැන බයිඩන් කියයි
රුසියාව යුක්රේනයේදී රසායනික අවි භාවිතා කළහොත් නේටෝව එයට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා
මේ වනවිට යුරෝපයේ රැඳී සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා නේටෝව ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි යන්න සඳහන් කර නැහැ
රුසියාවේ ආක්‍රමණයට එරෙහිව නේටෝ නායකයින් බෙල්ජියමේ අගනුවර වන බ්රසල්ස්හි රැස්වී පවත්වන සමුළු දිනයක් අතරතුරදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි පැවසෙන්නේ
රුසියාවේ ව්ලැඩිමීර් පුටින් විසින් රසායනික අවි භාවිතා කිරීමට එරෙහිව නේටෝ වෙතින් මිලිටරි ප්‍රතිචාරයක් දක්වන්නේදැයි ඇසූ විට බයිඩන් මහතා පිළිතුරු දී තිබෙන්නේ එය “කාරුණික ප්‍රතිචාරයක් ඇති කරනු ඇති” බවට තමා විශ්වාස කරන බවයි
පුටින් විසින් රසායනික අවි භාවිතා කරන්නේ නම් එයට අපිද ප්‍රතිචාර දක්වන බවත් , ප්‍රතිචාරයේ ස්වභාවය භාවිතයේ ස්වභාවය මත රඳා පවතින බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ පස්වන සතියට එළැඹෙන බැවින් එහිදී රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීමට සූදානම් විය හැකි බවට බටහිර ජාතීන් විසින් අනතුරු අඟවා තිබෙන බවද සඳහන්