ජාතික භාෂාවෙනුත් අසමත් සිසුන් වැඩිම පිරිසක් සිටින රටක්

ජාතික භාෂාවෙනුත් අසමත් සිසුන් වැඩිම පිරිසක් සිටින රටක්

පාකිස්ථානයේ පාසල් ශිෂ්‍ය ප්‍රජාවෙන් 45% ක‍ට එරට ජාතික භාෂාව වන උර්දු භාෂාව කියවීම පවා කළ නොහැකි බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට පාසල් සිසුන්ගෙන් 44% කට ඉංග්‍රීසි භාෂාව නොහැකි බවයි එම වාර්තා මගින් සඳහන් කර ඇත්තේ.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්‍තේ එරට ක්‍රියාත්මක අයීටීඒ නම් සංවිධානයක් විසින් සිදුකළ සමීක්ෂණයක දී යි.

සමස්ත රටම ආවරණය වන පරිදි තෝරා ගත් සිසුන් 52,948 දෙනකු මේ සදහා සම්බන්ධ කර ගෙන ඇති අතර ඉන් 59 %ක් පිරිමින් වන අතර සෙසු 41 % කාන්තාවන්.

එරට ඩේලි ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට මෙය පාකිස්ථානයේ අධ්‍යාපන ක්‍රමය කඩා වැටීම පිළිබද පැහැදිළි සාක්ෂියක්.

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ අධ්‍යාපනය නොතකා හැරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි එම සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Share This