රයිගම් සම්මාන රාත්‍රියේ දී ‘ස්වර්ණවාහිනියට’ සම්මාන රැසක් (වීඩියෝ)
අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (26) රාත්‍රියේ පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී ස්වර්ණවාහිනි නාලිකාව සම්මාන රැසකින් පිදුම් ලැබුවා.
ඒ, අනුව 2020-2021වසරේ වඩාත් ම ජනගත ටෙලි නාට්‍යය ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යය සම්මාන දිනා ගත්තා.
එමෙන්ම වඩාත්ම ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වුණේ සතියේ දින පහහේ දී රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාර දියේ’ ටෙලි නාට්‍යයයි.
රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ 2020 විශිෂ්ඨතම වාර්තා වැඩසටහන ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වූ ප්‍රවීණ රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා ඉදිරිපත් කළ ‘කළු ගඟ දියේ’ වැඩසටහන සම්මාන දිනා ගත්තා.
2020 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ විශිෂ්ඨතම සංගීත වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘මාත්‍රා’වැඩසටහන වෙනුවෙන් අමිල නුවන් වාදසිංහයි.
මෙම සම්මාන රාත්‍රියේ දී ස්වර්ණවාහිනී ප්‍රවෘති අංශය ද සම්මානයට පාත්‍ර වූ අතර එහිදී 2020 විශිෂ්ඨතම ප්රවෘත්ති නිවේදිකාව ලෙස චවිකා ගුණසේකර සම්මානයට පත්‍ර වුණා.
මේ අතර මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නළුවා ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාර දිගේ’ ටෙලි නාට්‍යය වෙනුවෙන් රංගනයෙන් දායකවන ‘කුසල් මධුරංග’ සම්මාන හිමිකර ගත්තා.
එමෙන්ම 2020-2021 ජූරියේ කුසලතා සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘වලවෙට්ටුවා’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් චමීර ලියනගේ හිමිකර ගත්තා.
සැමදා උසස් රසවින්දනයක් වෙනුවෙන් ස්වර්ණවාහිනිය වටා ඒකරාශිව සිටින සහෘද ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඉදිරියටත් උසස් රසවින්දනයක් ලබාදීමට ස්වර්ණවාහිනී නාලිකාව කැපවී සිටිනවා.