දකුණු කොරියාවේ පච්ච කෙටීම තහනම් වෙයි – නීතිය කැඩුවොත් දැඩි දඬුවම්
දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ටැටූ හෙවත් පච්ච කෙටීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක් ලබා දී තිබෙනවා.
මෙම තහනම් නියෝගය තුළින් වෛද්‍ය වෘතිකයින්ට හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට එම කාර්ය කිරීමට අවසර නොදෙන එකම රට බවට දකුණු කොරියාව පත් වුණා.
කෙසේ වෙතත් ටැටූ කලාකරුවන් මෙම තීරණය සමච්චලයට ලක් කළේ එය පසුගාමී සහ සංස්කෘතික අවබෝධයක් නොමැති තීරණය බවටයි.
දකුණු කොරියාවේ දශක ගණනවක් පැරණි මෙම තහනම නොතකා පුද්ගලයින් 50,000කට අසන්න සංඛ්‍යාවක් මෙම වෘත්තියේ නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන් සියලු දෙනා පොලිස් වැටලීම් සහ නඩු පැවරීම් වැනි අවදානම් යත්තේ මෙම කටයුත්ත සිදුකරගෙන යනු ලබනවා.
දකුණු කොරියානු ටැටූ නිර්මාණකරුවන්ගේ සංගම් 2017 වසරේ සිට මෙම නීතිය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගිය 31 වනදා 5-4 ඡන්දයකින් එරට ව්‍යවස්ථා අධිකරණය තීරණය කළේ පච්ච කෙටීමට එරෙහිව පනවා තිබූ නීතිය ව්‍යවස්ථානුකූල බවයි.
ටැටූ හෙවත් පච්ච කෙටීම තුළින් අතුරු ආබාධ සහ ආරාක්ෂිත ගැටළු මතුවිය හැකි බවයි මෙම මතභේදාත්මක තීන්දුව ලබාදෙමින් ව්‍යවස්ථා අධිකරණය පවසා ඇත්තේ.
ඒ අනුව මෙම තහනම උල්ලංඝනය කළ හොත් වොන් මිලියන 50ක් දක්වා දඩ මුදලක් සහ වසර දෙකක සිර දඬුවම් නියම කිරීමේ බලය අධිකරණ පද්ධතියට පවතිනවා.