ඔස්කාර් ඇකඩමියෙන් ඉල්ලා අස් වූ විල් ස්මිත්

ඔස්කාර් ඇකඩමියෙන් ඉල්ලා අස් වූ විල් ස්මිත්

පසුගියදා නිමාව දුටු ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදකයා තම බිරිඳ ඉලක්ක කර ගනිමින් සිදු කළ හාස්‍යකට විරෝධය පා සුපිරි හොලිවුඩ් නළු විල් ස්මිත් ඔහුට කළ පහර දීම සම්බන්ධයෙන් සමාව ගැනීමෙන් පසු ඔස්කාර් ඇකඩමියෙන් ඉල්ලා අස් වූ බව දැනුම් දී තිබෙනවා.

එදින තමාගේ හැසිරීම සම්බන්ධයෙන් කම්පා වන බවත් ඒ වෙනුවෙන් ඔස්කාර් ඇකඩමිය ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟ වන බවත් එහිදී, විල් ස්මිත් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගියදා ඔස්කාර්ල ඇකඩමිය නිවේදනය කළේ ඔවුන් විල් ස්මිත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Share This