අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක් (වීඩියෝ)
එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් සතොස හරහා සහන මල්ලක් ලබාදීමට වෙළඳ අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහක් ඇතුළුව සහනදායි මිල ගණන් යටතේ මෙම සහන මල්ල ලබාදීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
වෙළඳපොළේ පවතින මිල ගණන් හා සැසදීමේ දී රුපියල් 700ක පමණ වාසියක් මෙම සහන මල්ල මඟින් පාරිභෝගිකයින්ට අත්වනවා.
ඒ අනුව නාඩු සහල් කිලෝ ග්‍රෑම් 05ක්, සම්බා සහල් කිලෝ ග්‍රෑම් 05ක්, කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක්, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් සහ තේ කොළ ග්‍රෑම් 100ක් මෙම සහන මල්ලට ඇතුළත්.