ජල පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් – ජල විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට (වීඩියෝ)

ජල පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් – ජල විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට (වීඩියෝ)

මේ මස ඇතුළත තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි හතර දහසක් ආනයන කිරීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විෙජ්සිංහ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්ධන සැපයීම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව මාර්ග හරස් කරමින් සිදු කරන විරෝධතා නිසා රථ වාහන ධාවනයට මෙන්ම දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා.

මාසයකට වැඩි කාලයක සිට පවතින ඉන්ධන අර්බුදය මග හරවා ගැනීම සඳහා ඉන්දිය ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් බලශක්ති අමාත්‍යාංශය ලබාගෙන ඇති අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 290ක් වැය කර මේ වන විට ඉන්ධන ආනයනය කර තිබෙනවා.

එමෙන්ම මේ දිනවල ජල පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් ජල විදුලිබලාගාරවල විදුලි ජනන ක්‍රියාවලිය වර්ධනය වෙමින් පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

මාවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) දිනයේද මිලිමීටර් 100 ආසන්න දැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

Share This