විශ්වාසභංගය පැරදුණු ඉම්රාන් ඛාන් අගමැති අසුන හැරයයි (වීඩියෝ)

විශ්වාසභංගය පැරදුණු ඉම්රාන් ඛාන් අගමැති අසුන හැරයයි (වීඩියෝ)

විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත් වූ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සිය අගමැති අසුන හැරයන්නට සිදු වුණා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වන්නේ පාකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙසටයි.

අග්‍රාමාත්‍ය ඛාන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඊයේ (09) එරට පාර්ලිමේන්තුවේ ජාතික සභාව විසින් විවාදයට ගැනුණු අවස්ථාවේ දී එය වැඩි ඡන්ද ප්‍රමාණයකින් එය සම්මත වුණා.

පාකිස්ථාන පාර්ලිමේන්තු සභාවේ දී ඛාන්ට එරෙහිව වූ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම පැවැත්වූ අතර, ඔහුට එරෙහිව ඡන්ද 174ක් සටහන් වීම විශේෂත්වයක්.

ඒ අනුව පකිස්ථාන දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ පළමු අවස්ථාව මෙයයි.

Share This