මහ වැසි මැද නොනැවතී ගාලුමුවදොර අරගලය ඉදිරියටම (වීඩියෝ/ඡායාරූප)
රට තුළ පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලා ඊයේ (09) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටිය අවට සහ ජනාධිපති කාර්යාලය අසල ආරම්භ වූ විරෝධතාවට පැමිණි පිරිසක් තවමත් එහි රැඳී සිටින බව වාර්තා වනවා.
අද (10) උදෑසන සිට කොළඹට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හමුවේ වුවද විරෝධතාකරුවන් සිය විරෝධය පළකරමින් මෙලෙස ගාලුමුවදොර අසල රැඳී සිටීම විශේෂත්වයක්.
විරෝධතා පුවරු ඔසවමින් විරෝධතාකරුවන් පවසන්නේ වත්මන් අදූර්දර්ශී පාලනය අවසන් කරමින් වහාම ජනාධිපතිවරයා ප්රමුඛ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සිය ධුරවලින් ඉවත් වී ගෙදර යන ලෙසයි.
මේ අතර අධික වර්ෂාව මධ්‍යයේ වුව ද විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීමට පුද්ගලයින් රැසක් ඉදිරිපත් වී සිටින ආකාරය ද දක්නට ලැබුණා.