පාකිස්ථානයේ නව අගමැති තනතුරට ෂෙබාස් ෂරීෆ්

පාකිස්ථානයේ නව අගමැති තනතුරට ෂෙබාස් ෂරීෆ්

පාකිස්ථාන නව අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව 70 හැවිරිදි ෂෙබාස් ෂරීෆ් නව අගමැති ලෙස තේරී පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු තෙවතාවක් පාකිස්ථානයේ අගමාත්‍ය ධුරය හෙබ වූ නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරා වනවා.

ඔහු 1999 වසරේ දී පාකිස්ථානයේ හමුදා කුමන්ත්‍රණයකින් සෞදි අරාබියට පිටුවහල් කෙරුණු අතර 2007 දී ඔහු නැවතත් පාකිස්ථානය වෙත පැමිණියා.

විදේශ ප්‍රතිපත්ති නිවැරදි ක්‍රමවේදයකට හසුරුවා ගැනීමට අපොහොසත් වීමත් සමඟ රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට දැඩි ලෙස චෝදනා කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපීමට එරට විපක්ෂය කටයුතු කළේ ඉම්රාන්ට හිතවාදී දේශපාලනඥයින් පිරිසක් ද සමඟයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කිරීමට විපක්ෂය ඊයේ සමත් වුණා.

ඒ සමඟ ඉම්රාන් ඛාන්ට තමන් දැරූ අග්‍රාමාත්‍ය අසුනින් බැහැරව යන්නට සිදු වුණා.

Share This