අලුත් අවුරුදු දා රාත්රියේ ගාලුමුවදොර අරගල බිමට අති විශාල ජන ගඟක් (ඡායාරූප)
ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයේ හත්වන දිනය අදයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබූ ඊයේ (14) දින රාත්රියේ මෙම විරෝධතා භූමියට අති විශාල පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරත වුණා.
ඒ හේතුවෙන් ගාලුමුවදොර අසල මාර්ගයේ රථවාහන ධාවනයට ද ඊයේ රාත්රියේ තරමක් බාධා එල්ල වී තිබුණා.
මෙලෙස විරෝධතාවයේ නිරත පිරිස් ඊයේ (14) රාත්රියේ විරෝධතා භූමිය තුළ සංගීත ප්රසංගයක් ද පවත්වන්නට කටයුතු කර තිබුණා.
වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් දිවයිනේ බොහෝ ප්රදේශ වල මේ දිනවල විරෝධතා පැවැත්වෙනවා.