ඉම්රාන්ට නඩු ?

ඉම්රාන්ට නඩු ?

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා යටතේ නඩු පැවරීමේ ප්‍රවණතාවයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, තමාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ කටයුතු කළ ආකාරය පදනම් කරගෙන ඉම්රාන් ඛාන්ට එරෙහිව මෙලෙස චෝදනා නැගෙමින් ඇති බවයි.

එම අවස්ථාවේ දී නීති විරෝධී ලෙස කටයුතු කිරීමට නියෝජ්‍ය කතානායකවරයාට උපදෙස් දීම මෙන්ම අගවිනිසුරුවරයා වෙත තර්ජනාත්මක ලෙස සැළකිය හැකි ලිපියක් යොමු කිරීම වැනි කරුණු මත පදනම්ව ඉම්රාන්ට අදාළ චෝදනා එල්ල වන බව සඳහන්.

දැනටමත්, මීට අදාළව පෙත්සම් ගණනාවක් එරට විවිධ අධිකරණ හමුවට ඉදිරිපත්ව ඇති බවත් ඒ හරහා ඉම්රාන් අවදානමකට ලක්ව සිටින බවත් එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

Share This